Thursday, November 24, 2011

සමුදුරු මාවතේ ගතකල සොඳුරු සැදෑවක්...

          මේ කතාවෙ මුල පටන් ගන්නෙ මෙහෙමයි... ඔන්න ඉතින් සරසවි ජීවිතේ තුන්වෙනි අවුරුද්ද ඉවර වෙලා අන්තිම අවුරුද්ද පටන් ගන්න කලින් අපිට මාස 3ක දිර්ඝ නිවාඩුවක් ලැබුන. මොරටුව සරසවිය කිවුවම ඉතින් නිවාඩු එහෙම ලැබෙනව හොරයි කියල ගොඩක් අය දන්නවනෙ. ඒකෙත් පරිඝණක ඉන්ජිනේරු අංශය කිවුවම ලොවෙත් නිවාඩුවක් නම් හම්බෙනව බොරු... ඒක නිසා මේ ලැබුන නිවාඩුව අපිට දෙයියො දීපු එකක් වගේ. හැබැයි එහෙම හිතුනෙ නිවාඩුව හම්බුන මුල් දවස්වල. නිවාඩු මුල් දවස් ටිකේ TV series, films බැලුව තිත්ත වෙනකන්ම. ඊට පස්සෙ ඉතින් කරන්න දෙයක් නෑ.. නිවාඩුවට බැන බැන ඉන්නව.. ඔය අතරෙ තමා අපේ කට්ටිය gym යන්න සෙට් වෙන්නෙ. ඒක නම් කාලය ගෙවන්න නියම විදියක්. එතනට ගිහිල්ලත් අපි වැඩියම කරන්නෙ කට්ටිය එක්ක පොඩි chat 1ක් දාගෙන ඉන්න එක තමා. මොකද gym එකට ඇතුල් වෙනකොටම අපිට එක එක ඇගේ-පතේ අමාරු හැදෙනවනෙ. 
          මේ සිද්ධිය වෙච්ච දවසෙ අපේ gym සෙට් එකේ එකෙක්ගෙ (සන්දීපගෙ) උපන් දිනේ.. අපි ඉතින් gym එකට ගොඩ උනේම "අද මොනාද ගෙනාවෙ" කියල අහගෙන. ඉතින් ලැබුන උත්තරේ බොහොම සතුටුදායක එකක්. ඒ තමා "අපි එහෙනම් හවසට කොහේ හරි යමු" කියන එක. මොනා උනත් සන්දීපගෙන් දතක් ගලවනව කියන එක එච්චර ලේසි දෙයක් නම් නෙවෙයි..
          ගෙදර ඇවිත කාල, බීල, ඇගේ පතේ අමාරු යන්නත් එක්ක පොඩි නින්දක් දැම්ම... මට ඇහැරුනේ අම්ම "පුතේ call එකක්"  කියල කියන සද්දෙට. නිදිමතේම call එක answer කරා. call කරේ සන්දීප. "මේ ඕයි.., එන්නෙ නැද්ද යන්න"  කියල ඇහුව. එතකොට තමා මට තේරුනේ මම කොච්චර වෙලාවක් නිදාගෙනද කියල. මම ටක් ගාල කිරි වීදුරුවකුත් එක හුස්මට ඇදල දාල car එක අරන් ගියා සන්දීපගෙ ගෙදරට.
          අපි දෙන්න විතරක් යන එකත් හරි නෑනෙ. ඒක නිසා යනගමන් මගින් සුනෙතුත් (අපේ gym සෙට් එකේ තව කෙනෙක්) එකතුකර ගත්ත. කෙලින්ම ගියේ town එකේ තියෙන dinner ගන්න කියාපු තැනකට. සන්දීපත් ඉතින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව එලටම වියදම් කරා. අපි රෑ කෑම ගත්තෙ cricket match එකත් බලන ගමන්ම තමා. බලන්න දෙයක් නෑ ඉතින්; අපි කෑම කනව; අපේ team එක match එක කනව.
          කාල බීල බලනකොට වෙලාව ඉතුරුයි. එච්චර කලින් ගෙදර යන්නත් හොඳ නෑනෙ. කට්ටිය එක්ක කල්පනා කරා මොකද කරන්නෙ කියල. එතකොට තමා හිතුනෙ සමුදුරු මාවතේ ඇවිදින්න යන්න පුලුවන්නෙ කියල. සමුදුරු මාවත කියන්නෙ මුහුදු වෙරළ එකකම කිලෝමීටරයක් විතර දිගට හදල තියෙන පදික වේදිකාවක් වගේ දෙයක්. මේකෙ මුහුද පැත්තට වෙන්න දිගටම තියෙන්නෙ බැම්මක්. ඉතින් රෑකට, හවස් වරුවකට මේ පැත්තෙ ආවම  ඈත මුහුද, තරු පිරිනු අහස දිහා බලාගෙන, මුහුදු හුලං වදින ගමන් ඕන තරම් වෙලා කතා කර කර ඉන්න පුලුවන්. දැන් සමුදුරු මාවත කියල කිවුවට මේකට ඉස්සර කියන්නෙ "වැල්ල පාර" කියල. ගාලු පාරෙ, ගාල්ලෙ ඉදල චුට්ටක් මාතර පැත්තට එනකොට තියෙන දිග වෙරළ තීරය ගැන තමයි මේ කියන්නෙ.
          අපි ඉතින් හොඳ තැනක් බලල වාඩි වෙලා සුපුරුදු පරිදි කතාව පටන් ගත්ත. සරසවි නිවාඩු උනත් අපිට පොඩි වැඩකට සරසවිය පැත්තට යන්න වෙලා තිබුන. එතනින් පටන් ගත්ත කතාව සරසවි මිතුරන්, සරසවි ඇඳුරන්, රාජ්‍ය අය-වැය.. වගේ ගොඩක් මාතෘකා දිගේ ඇදීගෙන ගියා. හෙට දිනයේ සරසවියේ පැවැත්වීමට තිබෙන "සරසවි ගී සිසිල" සංගීත ප්‍රසංගයත් මේ අතර උනා. මම දැකල, මට දැනිල තියෙන විදියට අපේ සරසවියෙ ශාස්ත්‍රීය ගීත ඇසීමට ලැදි බොහෝ දෙනෙක් ඉන්නව. ඒ අයගේ රසාස්වාදනය ඉල්ලක්ක කරගෙන පවත්වන සංගීත ප්‍රසංගයක් තමා මේක. මේ සොඳුරු කතා බහ අතරතුර අවට පරිසරයේ තිබූ සුන්දරත්වය රසවිදීමටත් අපි අමතක කරේ නෑ.. ඈතින් පේන "සාම චෛත්‍ය" (රූමස්සල කන්දේ පිහිටා ඇති මෙය ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් ඉදිකරන ලද චෛත්‍යකි), ගාලු වරායට සේන්දුවන නැවු, ප්‍රදීපාගාරයෙන් විහිදෙන ආලෝකය ඒ අතර උනා...
          කොහොම කොහොම හරි පැයක හමාරක සුහද කතාබහ ඉවර කරන්න වෙලාව හරි බව අපිට තේරුනේ අපේ ගෙවල් වලින් එන දුරකතන ඇමතුම් නිසා.. ඉතින් කට්ටියම ගෙවල්වලට බස්සගෙන මමත් අපේ ගෙදරට සැපත් උනා.. 

මොනා උනත් සමුදුරු මාවතේ රෑකට තියෙන athal එක දන්නෙ එතනට ගියපු කෙනෙක්ම තමා...

6 comments:

  1. meke samuduru mawatha gana nemei Nov 23 gewna hatine thiyenne. :P

    ReplyDelete
  2. @ Pabasara : මේකෙ අන්තිම පේලියෙ තියෙන්නෙ ඕකට උත්තරේ තමා...

    ReplyDelete
  3. ගෙදරින් එන කෝල් වලට කලින් පොලිසියෙන් ඇවිල්ලා අපි ලඟ බියර් බෝතල් තිබුනද කියලද බලනකොට නම් මට හිතුනෙ ගෙදර දුවන්නම තමයි..... :P :P :P

    ReplyDelete
    Replies
    1. ඒ ආවෙ පොලිසියෙන් කියල දැනගත්තෙ පස්සෙනේ.. මම නම් බයම උනේ කවුද කියලවත් දන්නෙ නැති එකෙක් ඇවිල්ල අපිව සෝදිසි කරනකොට.. පස්සෙනේ දන්නේ පොලිසිය සිවිල් ඇවිල්ල කියල.. :D

      Delete